බංග්ලාදේශයට එරෙහිව ඉන්දියාවට පහසු ජයක්

බංග්ලාදේශයට එරෙහිව ඉන්දියාවට පහසු ජයක්

by Staff writer 23-06-2024 | 7:39 AM

COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරගවටයේ බංග්ලාදේශය සමග පැවති තරගය ඉන්දියාව ලකුණු 50 කින් ජය ගත්තේ ය.

ඇන්ටිගාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 196ක්.

ලකුණු 197ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 146ක් පමණයි.