ඔස්ට්‍රේලියාවට එරෙහිව ඇෆ්ගනිස්ථානයට ඵෙතිහාසික ජයක්

ඔස්ට්‍රේලියාවට එරෙහිව ඇෆ්ගනිස්ථානයට ලකුණු 21 ‍ඵෙතිහාසික ජයක්....

by Staff writer 23-06-2024 | 3:47 PM

COLOMBO (News 1st) - 2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය ඇෆ්ගනිස්ථානය ලකුණූ 21කින් ජය ගත්තේ ය.

කිංග්ස්ටවුන්හීදී පැවැති තරගයේ රහමනුල්ලා ගුරුබාස් සමගින් ඊබ්රහීම් සද්රාන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට විශිෂ්ඨ ආරම්භයක් ලබා දුන් අතර පළමු කඩුල්ලට ලකුණු 118ක සබඳතාවයක් එක් කළහ.

දකුණත් පිතිකරු රහමනුල්ලා ගුරුබාස් ලකුණු 60යි.

ඊබ්රහීම් සද්රාන් ලකුණු 51ක් රැස් කිරීමට සමත් විය.

ඒ අනුව ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 148ක්.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පැට් කමින්ස් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියකදී අඛණ්ඩව තරග දෙකකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් ලොව පළමු ක්‍රීඩකයා බවට පත් විය.

ලකුණු 149ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ප්‍රබල ඔස්ට්‍රේලියාවට ඇෆ්ගනිස්ථාන පන්දු යැවීමේ බල ඇණිය හමුවේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 127ක් පමණයි.