විපක්ෂ නායකගේ හජ් සුබ පැතුම් පණිවුඩය..

විපක්ෂ නායකගේ හජ් සුබ පැතුම් පණිවුඩය..

by Staff writer 17-06-2024 | 7:08 AM

COLOMBO (News 1st) -  ඉතිහාසයේ පටන් විවිධ ආගමික පූජාවන් සඳහා මිනිසුන් සාමුහිකව එක් රැස් වූ අතර ආගම හා බැදුණු  වත්පිළිවෙත් සුරැකීමත් එකිනෙකා අතර සහ සම්බන්ධය හා සහයෝගය ඇති කරගැනීමත් හජ් උත්සවය දා සිදු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූබ පැතුම් පණිවුඩයක් කිතුත් කරමින් පවසයි. 

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ , ආගමක් තුළන් අපේක්ෂා කරනුයේ මිනිස් සමාජය මානව දයාවෙන් පරිපූර්ණ කර යහපත් සමාජයක් නිර්මාණය කිරීම බවයි.

විවිධ බෙදීම්වලින් මිනිස් වර්ගයා අතර ගැටුම් ඇතිකර ගන්නවා වෙනුවට අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට බැදී සහෝදරත්වයෙන් සිටීමේ වැදගත්කමද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පණිවුඩයෙන් සිහිපත් කරයි.