නෙදර්ලන්තයට එරෙහි ලෝක කුසලාන තරගයෙන් බංගල්දේශයට ජය

නෙදර්ලන්තයට එරෙහි 20/20 ලෝක කුසලාන තරගය බංගල්දේශය ජය ගනී.....‍ශ්‍රී ලංකාවට සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමේ බලාපොරොත්තු අහිමි වෙයි.

by Staff writer 14-06-2024 | 8:46 AM

COLOMBO (News 1st) –  2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවැති තරගය බංග්ලාදේශය ලකුණු 25කින් ජය ගත්තේ ය‍. 

කිංග්ස්ටවුන්හි ආර්නෝස් වේල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 159කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 134ක් පමණයි.

මෙම තරගයේ ප්‍රතිඵලය සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමේ බලාපොරොත්තුවත් අහිමිව ගියේ ය.

මේ අතර , තරගාවලියේ ඇෆ්ගනිස්ථාන සහ පැපුවා නිව් ගිනි කණ්ඩායම් අතර තරගය දැන් ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය හිමි කර ගත් ඇෆ්ගනිස්ථානය තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.