අමෙරිකාව පරාජය කළ ඉන්දියාව සුපිරි 8දෙනාගේ වටයට

අමෙරිකාව පරාජය කළ ඉන්දියාව සුපිරි 8දෙනාගේ වටයට

by Staff writer 13-06-2024 | 5:45 AM

COLOMBO (News 1st) - ඉන්දීය කණ්ඩායම මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගෙන තිබේ.

ඒ, සත්කාරක අමෙරිකාව සමග පැවති තරගය කඩුලු 7කින් ජය ගනිමිනි.

නිව්යෝක්හි නාසා කවුන්ටි ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් අමෙරිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ අමෙරිකා කණ්ඩායම කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 110කි.

ලකුණු 111ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී සිටියදී තරගය ජය ගත්තේ ය.

සූර්ය කුමාර් යාදව් නොදැවී අර්ධ ශතකයක් රැස් කළේ ය.

ශිවම් ඩුබේ නොදැවී ලකුණු 31යි.