හදිසියේ මොකක්ද මේ කාලගුණයට සිද්ධ වුණේ ? දවසේ කාලගුණ තොරතුරු කෙටියෙන් ...

by Staff writer 02-06-2024 | 1:30 PM

COLOMBO (News 1st) - 🔴 කළු ගගේ ජල මට්ටම ඉහළට. පැල්මඩුල්ල,නිවිතිගල,රත්නපුර,ඇලපාත,කුරුවිට, අයගම,ඉංගිරිය,හොරණ,දොඩන්ගොඩ සහ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉදිරි පැය කිහිපය තුළ ගංවතුර අවදානමක්. - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

🔴 නිල්වලා ග⁣ගේ ජල මට්ටම ඉහළට. පස්ගොඩ,කොටපොල,පිටබැද්දර,අකුරැස්ස,අතුරලිය,මාලිම්බඩ,කඹුරුපිටිය,තිහගොඩ,මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර අවදානමක්.

🔴 ගිං ගගේ ජල මට්ටම ඉහළට. ඉදිරි පැය 48 තුළ නෙළුව,තවලම,නාගොඩ,නියාගම,වැලිවිටිය - දිිවිතුර,ඇල්පිටිය,අක්මීමන,බද්දේගම සහ බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර අවදානමක්...

🔴 කැලණි ගගේ ජල මට්ටම ඉහළ යාමත් සමග ඉදිරි පැය 48 තුළ දෙහිඕවිට,රුවන්වැල්ල,සීතාවක,දොම්පේ,හෝමාගම,කඩුවෙල, බියගම,කොලොන්නාව,කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර අවදානමක්...

🔴 පාදුක්ක,මතුගම,බුලත්සිංහල,පාලින්දනුවර,ඉංගිරිය,රත්නපුර,කුරුවිට,අයගම,ඇලපාත,කිරිඇල්ල,ඇහැලියගොඩ,නිවිතිගල සහ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කෙරේ...

🔴 දෙයියන්දර, පල්ලේවෙල ප්‍රදේශයේදී පස්කන්දක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මරුට. - පොලීසිය

🔴 අද (02) උදෑසන 7 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්තාවෙයි. එහි අගය මිලිමීටර 427.5ක්. ඉංගිරිය හල්වතුරවත්ත ප්‍රදේශයට මිලිමීටර 348.5ක වර්ෂාපතනයක්. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

🔴 අධික වැසි සමග ඇතිවූ ආපදා හේතුවෙන්, රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ රිය ධාවනයට බාධා. - දිස්ත්‍රික් ලේකම්

🔴 අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේදී ගංවතුරට හසුවීමෙන්, පියා, දියණිය සහ මිණිබිරිය මියයයි. - පොලීසිය

🔴 අවිස්සාවේල්ල, හේවාහින්න ප්‍රදේශයේදී පස්කන්දක් කඩා වැ⁣ටීමෙන් 11 හැවිරිදි දැරියක් මියයයි. - පොලීසිය

🔴 අධික වැසි සමග ප්‍රධාන සහ මුහුදුබඩ මාර්ගවල සංඥා දෝෂ වාර්තාවෙයි. දුම්රිය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

🔴 මතුගම - අලුත්ගම ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව තවදුරටත් තාවකාලිකව වසා දැමේ. - පොලීසිය

🔴 කැලණි ගග පිටාර ගැලීමෙන් මල්වාන නගරය ජලයෙන් යටවෙයි. වාහන ධාවනයට බාධා. - පොලීසිය

🔴 ආපදා වලින් විපතට පත්වූවන්ට සහන සැලසීමට රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහා යුද හමුදා බෝට්ටු 9 බැගින් ස්ථානගත කෙරේ. - ආරක්ෂක අමාත්‍යාංශය

🔴 කළු ගග මිල්ලකන්ද ප්‍රදේශයෙන් සහ නිල්වලා ගග පිටබැද්දර ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටමට ළගාවෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීම්...

🔴 විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා කණ්ඩායම් 10 ක් අනුයුක්ත කෙරේ. - නාවික හමුදාව

🔴 කුඩා ගගේ ජල මට්ටම ඉහළට.බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉදිරි පැය 48 තුළ මහ ගංවතුර අවදානමක්. - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

🔴 බස්නාහිර සහ සබරගමුව පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලටත්, ඉදිරි පැය 24 තුළ මිලිමීටර 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇතිවිය හැකියි. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

🔴 රත්නපුර ඇලපාත ප්‍රදේශයේදී ජල පහරකට හසුවීමෙන්, කාන්තාවක් මරුට. - දිස්ත්‍රික් ලේකම් ( රත්නපුර )

🔴 රත්නපුර අයගම දුම්බර ප්‍රදේශයේදී පස් කන්දකට යටවීමෙන්, පුද්ගලයෙකු මියයයි. - දිස්ත්‍රික් ⁣ලේකම් ( රත්නපුර )

🔴 රත්නපුර කිරිඇල්ල ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන්, කාන්තාවක් මියයයි. - දිස්ත්‍රික් ලේකම් ( රත්නපුර )

🔴 අධික වැසි ලැබීම හමුවේ, නායයෑමේ අවදානම ඉහළට. අනාරක්ෂිත ප්‍රදේශවල ජනතාවට නිවේදන අනුව අවශ්‍යතාව මත ඉවත්වීමට සූදානම් වන්නැයි, උපදෙස්. - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

🔴 විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 යානා දෙකක් සහ බෙල් 412 යානාවක් හමුදා සාමාජිකයින් සමග සූදානම් කෙරේ. - ගුවන් හමුදා ප්‍රකාශක

🔴 දිවයිනේ සියලු පාසල් හෙට (03) නිවාඩු ලබාදීමට තීරණය කෙරේ. - ලේකම් අධ්‍යාපන අමාත්‍යාංශය

🔴 පවතින ගංවතුර හේතුවෙන්, ප්‍රදේශ රැසක විදුලිය සැපයුම අත්හිටුවයි. - ලේකම් විදුලිබල අමාත්‍යාංශය

🔴 කළු,ගිං, නිල්වලා සහ කැලණි ගංගා දෙපස අවදානම් ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමේ කටයුතු ඇ⁣රඹේ. - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

🔴ජල ගැලීමකට ලක්ව පාලමක් විනාශ වී⁣ම හේතුවෙන්, අවිස්සාවේල්ල සහ වග අතර දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් අතිහිටුවයි - දුම්රිය දෙපාර්තමේන්තුව

🔴ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් මහ ගංවතුර මට්ටමට ළඟා වෙයි. - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

🔴ජල පහරකට හසුවීමෙන්, තවලම ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

🔴විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා අවශ්‍යතාව අනුව මූල්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීමට සූදානම් - මුදල් අමාත්‍යාංශය

🔴කොළඹ දිස්ත්‍රික්කයේ ධීවරයින්ට මුහුදු යාමෙන් වළකින්නැයි, උපදෙස්. - ධීවර දෙපාර්තමේන්තුව

🔴බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි පිළිබඳ රතු නිවේදන - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

🔴ගසක් කඩා වැටීමෙන්, කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය වරකාපොලින් අවහිර වෙයි - පොලීසිය

🔴අත්තනගලුඔයේ ජල මට්ටම ඉහළට. ඉදිරි පැය 48 තුළ දිවුලපිටිය,මීරිගම,අත්තනගල්ල,මහර,ගම්පහ,මිනුවන්ගොඩ,ජාඇල,කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර අවදානමක්. - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

🔴කැලණි ගගේ ජල මට්ටම ඉහළයාමත් සමග කොලොන්නාව ප්‍රදේශයෙන් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීම ඇරඹේ. - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම්

🔴ජල ගැලීම් හේතුවෙන්, අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවට බියගම දෙසින් සැහැල්ලු වාහන ඇතුල් කිරීමට බාධා - පොලීසිය

🔴ජල ගැලීම් තත්ත්වයක් හේතුවෙන්, කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය බැලුම්මහර ප්‍රදේශයෙන් ජලයෙන් යටවෙයි. වාහන ධාවනයට බාධා - පොලීසිය

🔴රත්නපුර,කෑගල්ල,කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයෑම් පිළිබඳ රතු නිවේදන - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය