කොල්කටා නයිට් රයිඩර්ස්ට 3වැනි වරටත් IPL ශූරතාවය..

සන්රයිසස් හයිඩ්‍රාබාද් පරාජය කළ කොල්කටා නයිට් රයිඩර්ස් තුන්වැනි වරටත් IPL ශූරතාවය දිනා ගනී..

by Staff writer 27-05-2024 | 8:01 AM

COLOMBO (News 1st) - සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් හිමිකාරිත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තුන්වැනි වරටත් IPL ක්‍රිකට් තරගාවලියේ කිරුළ දිනා ගත්තේ ය.

ඒ, ඊයේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී සන්රයිසස් හරිද්‍රාබාද් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 8 කින් ජය ගනිමින් ය.

තරගය පැවැත්වුණේ, චෙන්නායිහි චිදම්බරම් ක්‍රීඩාංගණයේදී ය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 3ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 113ක් පමණයි.

ඔන්ඩ්‍රේ රසල් කඩුලු 3ක් දවා ගත්තේය.

ඒ අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට හිමිවූ ඉලක්කය, ලකුණු 114 කි. 

ඒ අනූව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 3ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී සිටියදී තරගය ජය ගත්තේ ය. 

වෙන්කටේෂ් අයියර් නොදැවී ලකුණු 52ක් රැස් කළේ ය.

එම කණ්ඩායම මීට පෙර 2012 සහ 2014 වසර වලදී අයිපීඑල් කිරුළ දිනා ගත්තේ ය.