කොළඹ ගස් කඩා වැටීම් 59ක්

කොළඹ ගස් කඩා වැටීම් 59ක්: ඉන් 19ක්ම විහාර මහාදේවී උද්‍යානයේ..

by Staff writer 26-05-2024 | 6:15 AM

COLOMBO (News 1st) - පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ගස් කඩා වැටීම් 59ක් වාර්තා වී ඇතැයි කොළඹ මහනගර සභාව පවසයි.

එහි ඉඩම් හා පරිසර සංවර්ධන අධ්‍යක්ෂ, ඉංජිනේරු මනෝජ් රණසිංහ මහතා සඳහන් කළේ, ඉන් 19ක්ම වාර්තා වී ඇත්තේ විහාර මහාදේවි උද්‍යානයෙන් බවයි.