සිරස වෙසක් කලාපයේ දෙවැනි දිනය අදයි..

සිරසානමාමි සිරස වෙසක් කලාපයේ දෙවැනි දිනය අදයි..

by Staff writer 24-05-2024 | 6:56 AM

COLOMBO (News 1st) – සම්බුදු තෙමඟුල වෙනුවෙන් පැවැත්වෙන සිරසා නමාමි සිරස වෙසක් කලාපයේ දෙවැනි දිනය අද(24)යි.

කොළඹ දෙක බේබෲක් පෙදෙස සිරස ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිරස වෙසක් කලාපය ඊයේ පස්වරුවේ ආරම්භ විය.

සිරසානමාමි සිරස වෙසක් කලාපය අද(24) දහවල් 12.00 සිට සැදැහැවතුන් වෙනුවෙන් විවෘත කිරීමට සියලු කටයුතු සූදානම්.

වෙසක් කලාපයට පැමිණෙන සැදැවතුන්ට සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රමුඛ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේ ඇතුළු මහරහත් ධාතූන් වහන්සේ වන්දනා මාන කිරීමේ දුර්ලභ අවස්ථාව අදත් හිමි වෙයි. 

මේ අතර, සිරස වෙසක් කලාපය හෙට හා අනිද්දාත් පැවැත්වීමට නියමිතයි.

කූරගල රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන වෙසක් කලාපය අද(24) දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.