පළාත් පාලන නාම යෝජනා අවලංගු කරන්නැයි ඉල්ලීම් රැසක්

පළාත් පාලන නාම යෝජනා අවලංගු කරන්නැයි ඉල්ලීම් රැසක් - ජානක වක්කුඹුර

by Staff writer 24-05-2024 | 7:36 AM

COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කරන්නැයි පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ , පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ඉදිරපත්ව ඇති නඩු කටයුතු අවසන් වීමෙන් පසු ඒ පිළිබඳ සලකා බැලීමට තිරණය කළ බවයි.

මේ සම්බන්ධයෙන් පසුගියදා කැබිනට් මණ්ඩලයේදි ද සාකච්ඡාවට ලක්වූ බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.