උතුරේ ඉඩම් ඔප්පු 5000ක් බෙදා දීම අද ඇරඹෙයි..

උතුරේ ඉඩම් ඔප්පු 5000ක් බෙදා දීම අද ඇරඹෙයි..

by Staff writer 24-05-2024 | 11:00 AM

COLOMBO (News 1st) -  උතුරු පළාතේ ජනතාවට ඉඩම් ඔප්පු 5000ක් බෙදා දීම අද(24) ආරම්භ වෙයි. 

සමාරම්භක උත්සවය අද යාපනයදී පැවැත්වෙන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

ඉඩම් කොමසාරිස් ජෙනරාල් බන්දුල ජයසිංහ මහතා පැවසුවේ, මේ යටතේ කිලිනොච්චි,මුලතිව්, වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාවට ඉඩම් ඔප්පු ලබා දෙන බවයි.

උරුමය වැඩසටහන යටතේ මෙම ඔප්පු ලබාදීම සිදුවනු ඇති.

වැඩපිළිවෙළ යටතේ ඉඩම් ඔප්පු 22,000 ක් ලබන මාසයේදී බෙදා දීමට නියමිතයි.

මේ වනවිට ඉඩම් ඔප්පු 18,000 ක් ජනතාවට බෙදා දී ඇති බව ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

උරුමය වැඩපිළිවෙළ යටතේ ජනතාවට බෙදා දීමට නියමිත ඉඩම් ඔප්පු සංඛ්‍යාව ලක්ෂ 20 කි.