ISIS බවට සැකපිට අත්අඩංගුවට ගත් පිරිස ගැන අනාවරණයක්

ISIS බවට සැකපිට අත්අඩංගුවට ගත් ලාංකිකයින් ගැන අනාවරණයක්..

by Staff writer 23-05-2024 | 8:50 PM

COLOMBO (News 1st) - ISIS ත්‍රස්තවාදීන් බවට සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව් දෙනා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් බව ගුජරාට් ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී ඒකකය පවසයි. 

මෙම ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා පසුගිය 20 වැනිදා අහමදාබාද් ගුවන් තොටුපොලේදී ගුජරාට් ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය. 

මේ වනවිට අනාවරණය වී ඇත්තේ, ඔවුන්ගෙන් මොහොමඩ් නුස්රත් 38 වතාවක් ඉන්දියාවට ගොස් ඇති අතර මොහොමඩ් නෆ්රාන් 40 වතාවක් ඉන්දියාවට ගොස්  ඇති බවයි.

නෆ්රාන් මෙරට ප්‍රකට සංවිධාත්මක අපරාධ කණ්ඩායම් නායකයෙකු වූ පොට්ට නවුෆර් නැමැත්තාගේ පුත්‍රයෙකි. 

සෙසු ශ්‍රී ලංකිකයින් දෙදෙනා වන මොහොමඩ් ෆාරිස් සහ මොහොමඩ් රස්ඩීන් ඉන්දියාවට ගොස් ඇත්තේ ප්‍රථම වරටයි.

ද හින්දු පුවත්පත ඊයේ වාර්තා කළේ, මොවුන් පාස්කු ප්‍රහාරය එල්ල කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින් බවයි.

මොහොමඩ් නුස්රත් මීට පෙර රත්‍රං ජාවාරමක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු බව 
ගුජරාට් ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී ඒකකය පවසයි. 

සොමඩ් නෆ්රාන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට ප්‍රශ්න කිරීම්වලදී පිළිගත් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

ගුජරාට් ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී ඒකකය ප්‍රකාශ කළේ, මෙහොමඩ් රස්ඩින්ට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා යටතේ නඩු තුනක් පවතින අතර මොහොමඩ් ෆාරිස්ට එරෙහිවද මත්ද්‍රව්‍ය නඩු පවතින බවයි.

යුදෙව්වන්ට, ක්‍රිස්තියානී පුද්ගලයින්ට, භාරතීය ජනතා පක්ෂ නායකයින්ට සහ එම පක්ෂයේ මව් සංවිධානය වන ISIS සංවිධානය ඉලක්ක කිරීමට තමන්ට උපදෙස් ලැබුණු බව අත්ඩංගුවටගත් ශ්‍රී ලංකිකයින් සිව් දෙනා අනාවරණය කර ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

පාකිස්ථානයේ අයිඑස්අයිඑස් නායකයෙකු ලෙස කටයුතු කරන අබු නමැත්තාගේ උපදෙස් අනුව ඉන්දියාවේදී ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වී සිටි බව මොවුන් ප්‍රකාශ කර තිබුණි. 

නර්මදා ගංගාව අසළ ස්ථානයක ජායාරූපයක්ද අත්අඩංගුවට පත් පුද්ගලයින්ගේ දුරකතනවල තිබී සොයාගත් අතර එම ස්ථානයේ තිබි පාකිස්ථානයේ නිෂ්පාදිත අවි අයුධ සහ උණ්ඩද සොයාගෙන තිබේ. 

ඊට අමතරව ISIS සංවිධානයේ ධජයක්ද හමුවී ඇති අතර ශ්‍රී ලාංකිකයින් සිව් දෙනා පවසා ඇත්තේ , ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු එම ධජය දැමීමට උපදෙස් ලැබී තිබූ බවයි.