සිරසානමාමි වෙසක් කලාපය විවෘත කෙරේ..

2024 සිරසානමාමි වෙසක් කලාපය සැදැවතුන්ගේ වන්දනාමානයට විවෘතයි..

by Staff writer 23-05-2024 | 4:02 PM

COLOMBO (News 1st) - සිරසානමාමි, සිරස වෙසක් කලාපය සැදැවතුන්ගේ වන්දනාමානය සඳහා මීට ටික වේලාවකට පෙර විවෘත කරනු ලැබුවේය.  

බැතුමතුන්ට අද(23) සහ හෙට(24) සිරස ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ වැඩ සිටින සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රමුඛ මහරහත් ධාතූන් වහන්සේ වැඳපුදා ගත හැකිය.

අද(23) සිට දින 04 ක් සිරස වෙසක් කලාපයේදී මනරම් තොරණ, අලංකාර පහන් කූඩු, සැදැහැ ගී හා රූකඩ සංදර්ශන නැරඹිය හැකියි. 

කූරගල රජමහා විහාරස්ථානයේ සිට රිය පෙරහැරකින් වැඩම කෙරුණු සර්වඥ ධාතූන් වහන්සේ අද පස්වරුවේ සිරසා නමාමි සිරස වෙසක් කලාපයට වැඩම කරවනු ලැබුවේ ය.

කොළඹ, මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ තැන්පත් කර ඇති සැරියුත් - මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේ ද සිරස වෙසක් කලාපයට වැඩම කරවූයේ ය.