රු. කෝටි 20ක කොකේන් සමග විදේශීය කතක් අත්අඩංගුවට

රු. කෝටි 20ක කොකේන් සමග පිලිපීන ජාතික කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

by Staff writer 22-05-2024 | 7:59 AM

COLOMBO (News 1st) - රුපියල් කෝටි 20ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කළේ, ඇය පිලිපීන ජාතික කාන්තාවක් බවයි.

47 හැවිරිදි පිලිපීන ජාතික කාන්තාව ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය රැගෙනවිත් ඇති බව සඳහන් ය.

සිය ගමන් මල්ල තුළ මිරිස් කුඩු, කහ කුඩු සහ පාන් පිටි අඩංගු පාර්සල් 3ක් සමග මෙම කිලෝග්‍රෑම් 2කට අධික කොකේන් අඩංගු පාර්සල් 3ක් සගවා ගෙන රැගෙන විත් තිබේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කළේ, මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සදහා ඩොලර් 1,000 ක මුදලක් ඇයට ලබා දී ඇති බවයි.

මෙම කාන්තාව මීට පෙර මැලේසියාව සහ ඉන්දියාව වෙත ද කුළු බඩු අඩංගු පාර්සල් අතර කොකේන් මත්ද්‍රව්‍ය සඟවා ගෙන ගොස් තිබේ.

ජාත්‍යන්තර වශයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්වේ.