ලෝකයේම අවධානය දිනාගත්, මොකක් ද මේ බෙල් 212...

ලෝකයේම අවධානය දිනාගත්, මොකක් ද මේ බෙල් 212...

by Hashini De Mel 21-05-2024 | 4:49 PM

COLOMBO (News 1st) - ලෝකයේම කතාබහට ලක්වුණු ඉරාන ජනාධිපතිවරයාගේ මරණයත් සමග බොහෝ දෙනා ඔහු ගමන් කළ හෙලිකොප්ටර් යානය ගැන, කතා කරන්න පටන් ගත්තා.

යානය තමයි බෙල් 212.

ගුවන් යානා, හෙලිකොප්ටර් යානා ගැන උනන්දු  හැමෝගෙම ප්‍රධාන මාතෘකාවක් වුණු, එතෙක් මෙතෙක් ගුවන් ඉතිහාසයේ අලුත් පරිච්චේදයක් ලියපු මොකක්ද මේ බෙල් 212 හෙලිකොප්ටර් යානය.

මුලින් හඳුන්වා දුන් බෙල් 205 යානයේ නව මාදිලිය ලෙස 1960 වර්ෂයේ අග භාගයේ දී ප්‍රථම වරට  බෙල් 212 යානය ලෝකයට හඳුන්වා දුන්නා.

අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පානයක් වුණු මේ බෙල් 212 යානය එවකට හෙලිකොප්ටර් යානා අතර ඇති සුවිශේෂ යානයක් ලෙසයි ලෝකය මේ යානය හදුනාගත්තේ.

ද්විත්ව එන්ජිමකින් සමන්විත බෙල් 212 යානය වැඩි බලයක් සහ විශ්වසනීයත්වයකින් යුතු යානයක් වුණා.

 ප්‍රවාහනය, සෙවීම්, ගලවාගැනීම්, ගිනි නිවීම් සහ හමුදා මෙහෙයුම් ඇතුළු පුළුල් පරාසයක විහිදුණු මෙහෙයුම් හැකියාවක් සහිත යානයක් විදිහටයි එක්සත් රාජධානිය බෙල් 212 යානය හැදින් වූයේ.

අනෙකුත් හෙලිකොප්ටර් යානා සමග සැසදීමේදී, කාර්ය මණ්ඩලය ඇතුළුව පුද්ගලයන් 15 දෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි යානයක් වීම  බෙල් 212 යානය ලෝකයේ අවධානය දිනාගන්න සමත් වුණු තවත් කාරණයක් .

විදෙස් වාර්තාවලට අනුව බෙල් හෙලිකොප්ටර් යානා සහ අගුස්ටා හෙලිකොප්ටර් යනා මිලදී ගත් මැදිපෙරදිග සිටින හෙලිකොප්ටර් බලවතා තමයි ඉරානය කියලා කියන්නේ.

මේ කරුණු කාරනා කෙසේ වෙතත්, බෙල් 212 යානා අවාසනාවන්ත ලෙස  වසර ගණනාවක් පුරා ලොව පුරා වාර්තාවුණු ගුවන් අනතුරු කිහිපයකටම හේතුවුණු යානයක් බවට පත් වෙලා තියෙනවා කියලා විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඒ අනතුරු අතරින් මෑතකදී සිදුවුණු භයානකම අනතුර තමයි, ඉරාන ජනාධිපතිවරයා රැගෙන ගිය යානය අනතුරට ලක්වීම.

2023 සැප්තැම්බර් මාසයේදී මෙවැනිම යානයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළට ඔබ්බෙන් කඩා වැටුනා.

ඒ විතරක් නෙවෙයි 2018 දී ඉරානයේදීම හෙලිකොප්ටර් කඩා වැටීමකින් සිව්දෙනෙක් මිය ගියා.

2015 ද AB-212 ලෙස සැලකෙන හෙලිකොප්ටරයක් ​​ඉරානයේ කෂාන් නුවර අසළදී කඩා වැටී තිදෙනෙකු මිය ගිය බවට ද වාර්තා  වුණා.

කෙසේවෙතත් ඉරාන ජනාධිපතිවරයා ගමන් කළ යානය කඩා වැටීමට හේතුව කුමක්ද යන්න නිශ්චිතවම අනාවරණය වෙලා නැහැ.

නමුත් මේ අතර ඉරාන හිටපු විදේශ අමාත්‍යවරයෙක් සිදුවූ අනතුර සම්බන්ධයෙන් ඇමරිකාවේ පැත්තට ඇගිල්ලක් දික් කරන්න්නේ, පනවා ඇති සම්බාධක නිසා නවීන ගුවන් සේවා බුක්තිබිදීමේ අයිතිය සිය රටට අහිමිවෙලා කියලා,ඒ විතරක් නෙවෙයි අවශ්‍ය  අමතර කොටස් සිට රටට ලබා ගැනීමට ඇති හැකියාව අහිමි වෙලා කියලයි.