ඉරාන ජනපතිගේ අනතුරට අමෙරිකාවට චෝදනා..

ඉරාන ජනපතිගේ අනතුරට අමෙරිකාවට චෝදනා..

by Staff writer 21-05-2024 | 7:36 AM

COLOMBO (News 1st) - ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසට මරු කැඳ වූ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් ඉරානයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු අමෙරිකාවට චෝදනා කර තිබේ.

ඉරානයේ හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් සරීෆ් මෙම චෝදනාව එල්ල කළේ ය.

ඔහු පවසන්නේ, අමෙරිකාව ඉරානයට පැන වූ සම්බාධක හේතුවෙන් විදෙස් රටවලින් නවීන ගුවන් යානා සහ ගුවන් යානා කොටස් මිලදී ගැනීමට ඉරානයට නොහැකි වූ බවයි. 

ඉරාන ජනතාවට එරෙහිව අමෙරිකාව සිදුකර ඇති අපරාධ ලේඛනයට හෙලිකොප්ටර් යානා අනතුර ද ඇතුලත් වනු ඇති බව ඔහු සදහන් කර සිටී.

පෙරේදා (19) සිදු වූ අනතුරින්, ඉරානයේ ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය හුසේන් අමීර් ඇතුළු 9 දෙනෙකු මිය ගියහ.

මේ හේතුවෙන් ඉරානයට දින 5ක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.

වෙනත් ලිපි