වනිඳු යළිත් අංක 1 ට...

වනිඳු හසංරග T20 තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු තැනට...

by Staff writer 15-05-2024 | 5:38 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණ තිබේ.

ඔහු මීට පෙර රැඳී සිටියේ එහි දෙවැනි ස්ථානයේයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් පන්දුවාර 20යි 20 තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් ලේඛනය ප්‍රකාශයට පත් කර ඇති අතර, වනිඳු එහි පෙරමුණට පැමිණ තිබෙන්නේ ලකුණු 228ක් ලබා ගනිමිනි.

මේ අතර, එම ලකුණු සංඛ්‍යාවම ලබා මීට පෙර පෙරමුණේ රැඳී සිටි බංග්ලාදේශයේ ශකීබ් අල් හසන්ද වනිඳු සමග සමතැන් ගෙන සිටී.