විටෙක ඇය දෙවෙනි බුදුන් වෙයි.
සාහිත්‍යකරුවන්ට ඇය, ආදරයේ උල්පතයි.
අම්මා... අද අම්මාගේ දවස...
සෑම වසරකම මැයි මස දෙවැනි ඉරිදා දිනය වෙන්ව ඇත්තේ මව්වරුන් වෙනුවෙනි.
ලෝකය ඇය නමින් එක් දිනක් වෙන් කළත්, ඇය සෑම දිනයක් ම වෙන් කරන්නේ අප වෙනුවෙන්.
ඇගේ දරුවන් වෙනුවෙන්. ඇගේ ආදරණීයන් වෙනුවෙන්..
''ලොව ලස්සනම අහස ඇත්තේ මගේ ගමට ඉහළිනි
අම්මා නිදන තැන සොහොනට උඩිනි...''
රත්න ශ්‍රී විජේසිංහයන් අම්මා ගැන ඒ විදිහට කවි පබදිද්දී, ප්‍රේමකීර්ති ද අල්විස් අම්මා ගැන කියා සිටියේ...
උණුසුම නළලතේ අත්ලෙන් මැන්නා ය
වෙද ගෙට ගියේ ඔසවා කර පින්නා ය
මළ පොත අකුර මට කියලා දුන්නා ය
දෙවියන් බුදුන් මෙන් මා ළඟ උන්නා ය
අම්මා යන අකුරු තුනට සම පද සෙවීම, කළුනික සෙවීමක් වගෙයි.
ඉතින්, ආදරණීය අම්මේ,සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා....