නව මිල සංශෝධනය අනුව රුපියල් 371 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 03කින් පහළ දමා ඇත.
ඒ අනුව එහි නව මිල රුපියල් 368ක්.
95 ඔක්ටේන් වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 20 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 420ක් වේ.
ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 333 ක්.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ රුපියල් 09කිනි.
රුපියල් 377 ක් ලෙස ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල සටහන් වේ.
භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 30 කින් පහළ දමා තිබේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 215 ක් බවයි.