පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අද ඇරඹෙයි..

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අද ඇරඹෙයි..

by Staff writer 24-04-2024 | 7:15 AM

COLOMBO (News 1st) - රජයේ හා රජයේ  අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු වාරයේ දෙවැනි අදියර අද(24) ආරම්භ වෙයි. 

ඒ, පසුගිය අප්‍රේල් මස 10 වැනිදා සිට ක්‍රියාත්මක වු අවුරුදු නිවාඩුවෙන් අනතුරුවයි.

පාසල්වලට යළිත් මැයි මස 03 වැනිදා සිට 19 වැනිදා දක්වා නිවාඩු ලබා දෙනු ඇති.

එම කාලසීමාව තුළ 2023 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.