ඉරාන ජනපති දිවයිනට..

ඉරාන ජනපති දිවයිනට..

by Staff writer 24-04-2024 | 12:47 PM

COLOMBO (News 1st) –  ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි මහතා නිල සංචාරයක් සඳහා අද(24) පෙරව‍රුවේ දිවයිනට පැමිණියේ ය.

ඉරාන ජනාධිපතිවරයා රැගත් විශේෂ ගුවන්යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වුණේ පෙරවරු 10.30 පමණි.

ගුවන් තොටුපොළේදී ඔහු පිළිගත්තේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ය.

එම අවස්ථාවට විදේශ අමාත්‍ය අලි සබ්රි , අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු පිරිසක් එක්ව සිටියේ ය.

හමුදා උත්තමාචාර මධ්‍යයේ රතු පලස මතින් පැමිණි ඉරාන ජනාධිපතිවරයා මත්තල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී විශේෂ සමරු පොතෙහි සටහනක් ද තැබුවේ ය.