ඉරාන ජනපතිගේ සංචාරය හේතුවෙන් විශේෂරථවාහන සැලැස්මක්

ඉරාන ජනපතිගේ සංචාරය හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්.. ආරක්ෂාවත් දැඩි කෙරේ

by Staff writer 24-04-2024 | 7:24 AM

COLOMBO (News 1st) - ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් හා රථවාහන සැලැස්මක් අද (24)ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඉරාන ජනාධිපතිවරයා ගමන් ගන්නා ප්‍රදේශ ආවරණය වන පරිදි ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙන්ම ත්‍රිවිධ හමුදාවේද සහය ලබා ගැනෙනු ඇති.

මාධ්‍යයට ඊයේ රාත්‍රි විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අද පස්වරු 2 සිට 3 දක්වා කටුනායක කොළඹ අධිවේගී මාර්ගය වසා තැබෙන බවයි

එම කාලය තුළ අධිවේගී මාර්ගයේ සිට පෑලියගොඩ, ඔරුගොඩවත්ත මංසන්ධිය, දෙමටගොඩ, බොරැල්ල, ඩී එස් සේනානායක මංසන්ධිය, හෝටන් පෙදෙස, හෝටන් වටරවුම, ග්‍රීන් පාත්, පුස්තකාල වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම, ආර් ඒ ද මැල් මාවත, ශාත්න මයිකල් පාර, ගාලු පාර සිට කොටුව දක්වා වූ මාර්ගයත්, හිල්ටන් හෝටලය දක්වා වූ මාර්ගයත් වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.