සිරසානමාමි නාගදීපයට

සිරසානමාමි බක්පුර පසළොස්වක පෝදා විකාශය නාගදීප රජමහා විහාරස්ථානයේ සිට..

by Staff writer 23-04-2024 | 7:48 AM

COLOMBO (News 1st) - සිරසානමාමි බක්පුර පසළොස්වක පෝදා විකාශය අද (23) සිදු කරනු ලබන්නේ, ශාසනික හා ඓතිහාසික වැදගත්කමක් ඇති නාගදීප රජමහා විහාරස්ථානයේ සිටයි.

නාගදීපයට පැමිණෙන බැතිමතුන්ට අද දවස පුරා ආමිස, ප්‍රතිපත්ති පූජා හා සම්බන්ධ විය හැකියි.

නාගදීප රජමහා විහාරස්ථානයේ ඉතිහාසය ගැන කථිකාවට ලක් කෙරෙන විහාර අස්න, තරුණයින් වෙනුවෙන් සැකසුණු තුරුණු සිත සහ විද්වත් මණ්ඩලයක් මගින් සිදු කෙරන සත්පියුම රසාස්වාද වැඩසටහන ඇතුළු වැඩසටහන් රැසක් අද විකාශය කෙරෙනු ඇත. 

ඒ, නාගදීප විහාරස්ථානයේ විහාරාධිපති, උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදියි. 

පෝදා විකාශය සිදු කෙරෙන්නේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ද සහයෙනි.

මෙහිදී බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය සිහිකරමින් මූර්තිමය බිතුසිතුවමක් ද නිරාවරණය කරනු ඇත. 

නාගදීප රජමහා විහාරස්ථානයේ හිටපු විහාරාධිපති අපවත්වී වදාල පූජ්‍ය බ්‍රාහ්මනවත්තේ ධම්ම කිත්ති තිස්ස හිමියන්ට පිං අනුමෝදන් කරමින් හෙට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වීමට නියමිතයි.

වත්මන් නාගදීප විහාරාධිපති පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන්ගේ මේ මස යෙදී ඇති 63 වැනි ජන්ම දිනය වෙනුවෙන් ද පිංකම් රැසක් සංවිධාන කර තිබේ.