දුම්රිය සාමාන්‍යාධිකාරී බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ. ඩබ්ලිව් බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 23-04-2024 | 12:38 PM

COLOMBO (News 1st) - දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ. ඩබ්ලිව් බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ, හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙනි.

මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 58 කි.

1996 වසරේ සහකාර දිස්ත්‍රික් ඉංජිනේරුවරයෙකු ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවය හා එක්වූ එතුමා දුම්රිය දෙපාර්තමේන්තුවේ 32 වන සාමාන්‍යාධිකාරීවරයායි.

එච්.එම්.කේ. ඩබ්ලිව් බණ්ඩාර මහතා මාතලේ විද්‍යා විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙකු වන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය සිවිල් ඉංජිනේරු උපාධියත්, මොරටුව විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියත් ලබා ඇති අතර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වරලත් සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර මහතා දරුවන් තිදෙනෙකුගේ පියෙකි.