චීනයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය ඇමති අද දිවයිනට

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය ඇමති අද දිවයිනට

by Staff writer 23-04-2024 | 5:45 AM

COLOMBO (News 1st) - චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයන් මහත්මිය අද (23) දිවයිනට පැමිණීමට නියමිතයි.

තිනකරන් පුවත්පත වාර්තා කළේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයන් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද මෙලෙස දිවයිනට පැමිණෙන බවය.

මේ සංචාරයේදී ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු රජයේ ඉහළපෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා කරනු ඇති.

මේ අතර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ද හෙට (24) දින ශ්‍රී ලංකාවට පැමිණෙන බව තහවුරු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

උමාඔය බහුකාර්යය යෝජනා ක්‍රමය විවෘත කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණිමට නියමිතය.

දින තුනක සංචාරයක් සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ඊයේ පාකිස්ථානයට පැමිණියේ ය.

ඉරාන ජනාධිපතිවරයා තෙදින පාකිස්ථාන සංචාරය අවසන් කර  ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.