අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හැක් කරලා..

අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හැක් කරලා..

by Staff writer 05-04-2024 | 7:32 AM

COLOMBO (News 1st) – අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. 

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත් ඉන් අමාත්‍යාංශ වෙබි අඩවියේ දත්තවලට හානියක් සිදුවී නොමැති බව මේ වනවිට කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි ඔහු සඳහන් කළේ ය.