මේ වසරේ සරසවි ආචාර්යවරුන් 800ක් රට හැර ගිහින්

මේ වසරේ රට හැර ගිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සංඛ්‍යාව 800 ඉක්මවයි: 1000ට ආසන්න පිරිසක් විදේශගත නිවාඩු

by Staff writer 28-12-2023 | 6:35 AM

COLOMBO (News 1st) - මේ වසර තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 800කට වැඩි සංඛ්‍යාවක් රට හැර ගොස් තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ, තවත් 1000කට ආසන්න පිරිසක් විදේශගත නිවාඩු ලබා සිටින බවයි.

මේ හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

මේ වසරේ මුල් කාලසීමාවේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 6200ක පමණ පිරිසක් සේවය කර ඇත.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ, විශ්වවිද්‍යාල සඳහා නව ආචාර්යවරුන් බඳවා ගැනීම ද මේ වනවිට නැවතී ඇති බවයි.