බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේ, ආරක්ෂක විධිවිධාන තරකිරීමේ අරමුණින් බස් රථවල කැමරා සවිකරන බවයි.
බන්ධනාගාරවලින් පිටතට රැඳවියන් ගෙන යන අවස්ථාවේදී ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට එමගින් අවස්ථාව ලැබේ.
බස් රථය තුළ රැඳවින් හා නිලධාරීන් කරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ද මේ හරහා අවස්ථාව උදාවන බව කොමසාරිස්වරයා සඳහන් කළේ ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඇතැම් අවස්ථාවලදී බස් රථවලට පිටත සිට මත්ද්‍රව්‍ය විසි කිරීමේ සිද්ධින් ද වාර්තා වන බවයි.
මේ වනවිට බන්ධනාගාරවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 14,500 ක් පමණ සිටින බව ද බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය.