.webp)
COLOMBO (News 1st) - අලුත් කඩේ සිවිල් අභියාචනාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ ගින්න හටගෙන ඇති බවයි.
ආරක්ෂක නිලධාරියා ඒ පිළිබඳව කෙසෙල්වත්ත පොලීසිය දැනුවත් කිරීමෙන් පසු, ගිනි නිවීම් සේවා රථ පැමිණ ගින්න නිවා දමා ඇත.
ඒ සඳහා යොදාගත් සේවා රථ සංඛ්‍යාව 03කි.
ගින්නෙන් අධිකරණයේ දේපොළවලට කිසිදු හානියක් සිදුව නැතැයි, පොලීසිය සඳහන් කළේ ය.
පොලීසිය පවසන්නේ ගින්නට හේතුව, විදුලි කාන්දුවක් බවට සැක පල කරන බවයි.