විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් පුද්ගලයින් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
ඊයේ පස්වරුවේ, භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්, ඊට ඉදිරියෙන් ගමන් කළ මගී ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරත් සමග කලාපයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
දුම්රියේ සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.