දුම්රියක වහලය මතින් ඇද වැටී මගියෙක් මියයයි

දුම්රියක වහලය මතින් ඇද වැටී මගියෙක් මියයයි

by Staff writer 12-09-2023 | 7:57 AM

COLOMBO (News 1st) -  දුම්රියක වහලය මත නැග පැමිණි මගියෙකු හො⁣රපේ ප්‍රදේශයේදී ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. 

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ  දුම්රියේ වහලය මත නැග පැමිණි මගියෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. 

මහනුවර සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියට ඔහු රාගමින් ගොඩවී ඇතැතැයි පාලක මැදිරිය සඳහන් කළේ ය.  

දුම්රිය රියැදුරන් පිරිසක් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මගීහු දැඩි අසීරුතාවට පත්ව සිටිති. 

පාලක මැදිරියේ පැවසුවේ මේ වන විට දුම්රිය අවලගුවීම් මෙන්ම ප්‍රමාදවීම් රැසක් පවතින බවයි.