COLOMBO (News 1st) – ඖෂධ හා උපකරණ තරඟකාරීව මිලදී ගැනීමේදී පවතින බාධා මග හැරවීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ.
ඒ පසුගියදා කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුවයි.
සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු වන ඒ එස් සෙනෙවිරත්න මහතා ය.
සරල හා විනිවිද බවින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරමින් ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදය සකස් කිරීම හා ඊට ඇති බාධා පිළිබඳව මෙම කමිටුවට මහජනතාවගෙන් ද යෝජනා කැඳවා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඒ සඳහා උනන්දුවක් දක්වන පාර්ශවලට මෙන්ම සෞඛ්‍ය වෘත්තිය සමිති නියෝජිතයින්ටද කමිටුවට අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකි බවයි.
සැප්තැම්බර් මස 13 වැනිදා දක්වා අදාළ යෝජනා හා අදහස් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගෙනැවිත් භාර දීමට හෝ ඊමේල් කිරීමට පහසුකම් සලසා තිබේ.
අමාත්‍යාංශය සඳහන් කළේ, [email protected] හා [email protected] යන ඊමේල් ලිපිනයන් ඒ සඳහා භාවිත කළ හැකි බවයි.
ලැබෙන සියලු යෝජනා සලකා බලා ඖෂධ හා උපකරණ මිලදී ගැනිමේදි පවතින බාධා හා ඒවායේ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම සඳහා වාර්තාවක් එම කමිටුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.