වෛද්‍ය මතය වී ඇත්තේ, කුඩා දරුවන් මේ දිනවල එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත වීමේදී අධික ලෙස දහඩිය දැමීම හේතුවෙන් විජලන තත්ත්වයන් පවා ඇති විය හැකි බවය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, දරුවන්ට වැඩිපුර ජලය, තැඹිලි, කුරුම්බා, දෙහි, දොඩම්, නාරං, දෙළුම්, ජීවනී වැනි දේවල් ලබා දෙනවා නම් වඩාත් හොඳ බවයි.
තව ද දරුවන්ට වැඩිපුර ජලයේ සෙල්ලම් කිරීමට දීම සුදුසු අතර එමගින් සමේ රෝග ද ඇතිවීම අවම කර ගැනීමට හැකි බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.