ඇණහිට තිබූ මහා පරිමාණ ඉදිකිරීම් යළි ඇරඹීමට තීරණයක්

ඇණහිට තිබූ සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට තීරණයක් - නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය

by Staff writer 16-08-2023 | 7:47 AM

COLOMBO (News 1st) - ආර්ථික අර්බුදයත් සමග ඇණහිට තිබූ සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එහි ලේකම් ඩබ්ලිව්. එස් සත්‍යානන්ද මහතා පැවසුවේ, මේ වනවිට ඉදිකිරිම් ඇණහිට ඇති එවැනි ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට ප්‍රමුඛතාව මත හඳුනා ගනිමින් සිටින බවයි.

කොළඹ නගරයේ පමණක් නිවාස ව්‍යාපෘති 10 ක ඉදිකිරිම් ඇණහිට ඇත.

ලේකම්වරයා ප්‍රකාශ කළේ, මහා පරිමාණ රථ ගාල් 3 කද ඉදිකිරීම් ඇණහිට ඇති බවයි.

ඒ සඳහා ආයෝජනය කළ හා ඉදිකිරීම් කරන ආයතනවලින් යළි ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා යෝජනා කැඳවා ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

ඩොලරයේ අගය ඉහළ යාම හා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම වැනි කරුණු මත පදනම්ව ඉදිකිරිම් පිරිවැය තීරණය කර එම ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.