![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
ලොව සුවිශේෂී පරිසර පද්ධතියක් වන කඩොලාන සුරැකීමේ අරමුණින් යුනේස්කෝ ආයතනය ප්‍රකාශයට පත් කළ මෙම දිනයේ මෙවර තේමාව සංරක්ෂණය හා දැනුවත් කිරීම යන්නයි.
කඩොලාන මෙරට පරිසරයට චමත්කාරය මෙන්ම විවිධත්වය ගෙන දෙන සුන්දර පරිසර පද්ධතියකි.
මෙරට කඩොලාන ගහණය හෙක්ටෙයාර් 19000 කට අධිකයි.
වෙරළබඩ කලාපයේ ගං මෝය හා කලපු ආශ්‍රිතව මෙම කඩොලාන විසිරී පවති.
කඩොලාන සංරක්ෂණය සඳහා වනජීවි සංරක්ෂණ අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඒකාබද්ධව මේ වනවිට පුළුල් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකය.
ඒ යටතේ කඩොලාන නැවත සිටුවීම ආරම්භ කර ඇති අතර මේ වනවිටත් හෙක්ටෙයාර් 800ක කඩොලාන නැවත වගාව සිදුකර අවසන් වේ.
මෙරට පරිසරට අසිරිය ගෙන එන කඩොලාන පරිසර පද්ධතිය රැක ගැනීම අපගේ වගකීමක් නොවන්නේ ද?