තැපෑල ඩිජිටල්කරණයට ඒකාබද්ධ ව්‍යාපෘතියක්

තැපෑල විකුණන්නේ නෑ.. ඩිජිටල්කරණයට රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ වැඩපිළිවෙළක්... - ශාන්ත බණ්ඩාර

by Staff writer 17-07-2023 | 6:18 AM

COLOMBO (News 1st) – තැපෑල විකිණීමේ කිසිදු අරමුණක් නැනැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි..

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වසරේ තැපැල් දෙපාර්තමේන්තුව ලබා ඇති අලාභය බිලියන 7 ක් බවයි.

මේ අතර , තැපෑල ඩිජිටල්කරණය සඳහා රාජ්‍ය - පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ ය.