අමාත්‍යවරයා සඳහන් කළේ, එම කමිටුව විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත බවයි.
යම් ඖෂධයක් හෝ සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ දෙයක් සම්බන්ධයෙන් ඉදිරිපත්වන ගැටලු පිළිබඳව නව කමිටුව මගින් ස්වාධීන විමර්ශනයක් සිදුකර කඩිනම් පියවර ගැනීමට නිර්දේශ ඉදිරිපත් කරනු ඇත.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගන්නා බවයි.
මේ අතර ඖෂධවල ප්‍රමිතිය සහ සෞඛ්‍ය ක්ෂේත්රය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට අපේක්ෂා කරන බව, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ය.