අනුරාධපුර - ඕමන්තේ දුම්රිය ධාවනය යළි ඇරඹේ

අනුරාධපුර - ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන සෙනසුරාදා සිට යළි ඇරඹේ

by Staff writer 12-07-2023 | 1:06 PM

COLOMBO (News 1st) – අනුරාධපුර සහ ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන සෙනසුරාදා යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාල සටහන් අනුව යළිත් දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

මාර්ග අලුත්වැඩියාව සඳහා අනුරාධපුර ඕමන්තේ අතර දුම්රිය මාර්ගය වසා දැමුණේ පසුගිය ජනවාරි මාසයේදියි.

මේ යටතේ කිලෝ මීටර් 62 කින් යුත් දුරක් ඉන්දියානු ණය ආධාර යටතේ අලුත්වැඩියා කළ අතර ඒ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 33 කි. 

මාර්ගය ප්‍රතිසංස්කරණයත් සමග එම කොටසේ පැයට කිලෝ මිටර් 100 ක වේගයෙන් දුම්රිය ධාවනය කිරිමට හැකිවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. 

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ,  යාපනය කොළඹ දුම්රිය ආසන වෙන් කිරීමේ සේවාව ද නැවත ආරම්භ කරන බවයි.