ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන නව ගෝලීය මුල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා අතර හමුවක් පසුගියදා පැරිස් නුවරදී පැවැත්විය.
ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳවත් ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ දී ලබා ඇති වත්මන් ප්‍රගතිය පිළිබඳවත් මෙහිදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාව දැනුවත් කර ඇත.
තිරසර ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ දී සහ රටේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ශක්තිමත් මූල්‍ය රාමුවක් සම්පාදනය කිරීමට රජයේ කැපවීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී කරුණු අවධාරණය කර ඇතැයි ජනාධිපති මධ්‍ය අංශය පවසයි.
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත දේශගුණික සෞභාග්‍ය සැලැස්ම පිළිබඳව ද මහලේකම්වරයා දැනුවත් කර තිබේ.
මේ අතර නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවේ දෙවන දින රාජ්‍ය නායක සැසිය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සහභාගී විය.
රටවල් රැසක නායකයන්, විදේශ අමාත්‍යවරු ඇතුළු නියෝජිතයන්, මූල්‍ය ප්‍රධානීන්, දේශගුණික කටයුතු පිළිබඳ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මෙම සැසියට සහභාගී වී සිටි.