අගමැති හා ඉන්දීය මහ කොමසාරිස් අතර සාකච්ඡාවක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අනාගත සහයෝගීතාව සඳහා ක්‍රියාකාරි සැලස්මක්

by Staff writer 23-06-2023 | 4:13 PM

COLOMBO (News 1st)  - ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ අනාගත සහයෝගිතාව සඳහා යෝජිත සැලස්ම පිළිබඳ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සමග සාකච්ඡා පවත්වා තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉන්දීය මහ කොමසාරිස්වරයා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමු වු අවස්ථාවේදී ආර්ථික සහයෝගිතාව පිළිබඳ යෝජිත ක්‍රියාකාරි සැලැස්ම පිළිබඳ විමසා බලා ඇති බවයි.

සංචාරක ප්‍රවර්ධනය සඳහා දෙරට අතර ගුවන් ගමන් වැඩිකිරීමට පියවර ගන්නා බව ඉන්දීය මහ කොමසාරිස්වරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

ඩිජිටල්කරණය, විකල්ප බලශක්ති සහ කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා ඉන්දීය අයෝජන වැඩිකරන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේ ය.