.webp)
අනිද්දා (02) සිට ලබන 5 වැනි දා දක්වා එම දුම්රිය ගමන්වාර ක්රියාත්මකයි.
ඒ අනුව බෙලිඅත්ත, ගාල්ල හා කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රිය අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙනු ඇති.
අනුරාධපුරයේ සිට ද කොළඹ කොටුව ඇතුළු ගමනාන්ත කිහිපයක් වෙත විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනයට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ ය.
මේ අතර පොසොන් සැමරීමට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් අනුරාධපුරය ඇතුළු අටමස්ථානය මෙන්ම මිහින්තලය ආශ්රිතව පහසුකම් සැලසීමට විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක බව අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාලය පැවසුවේ ය.