පොසොන් වෙනුවෙන් අනුරාධපුරයට විශේෂ දුම්රිය සේවා

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට විශේෂ දුම්රිය සේවා

by Staff writer 24-05-2023 | 6:46 AM

COLOMBO (News 1st) - මෙවර පොසොන් උත්සවයට අනුරාධපුරයේ යන බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ගමනාගමන අධිකාරි එන්. ජේ. ඉදිපොළ මහතා සඳහන් කළේ, එම සේවාව ලබන 2 වැනි දා සිට එම ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

ඒ අනුව කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වාත්, ගාල්ලේ සිට අනුරාධපුරය දක්වාත්, බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වාත් අමතර දුම්රිය යෙදවීමට පියවර ගෙන තිබේ.