යුක්‍රේන ජනපති,ශුද්ධෝත්තම පාප් වහන්සේ මුණ ගැසෙයි

යුක්‍රේන ජනපති, අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේ මුණ ගැසෙයි

by Staff writer 14-05-2023 | 9:33 AM

COLOMBO (News 1st) - යුක්‍රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙන්ස්කි, වතිකානුවේදී ශුද්ධෝත්තම පාප් වහන්සේ මුණ ගැසී තිබේ.

එහිදී උන්වහන්සේ ජනාධිපතිවරයා සමග යුද්ධය හේතුවෙන් යුක්‍රේනයේ  මතුව ඇති මානුෂීය හා දේශපාලන අර්බුධය පිළිබඳව සාකච්ඡාකර ඇත.

එම හමුව අතරතුර සිහිවටනයක් ලෙස යුක්‍රේන ජනාධිපතිවරයා ශුද්ධෝත්තම පාප් වහන්සේට, යුක්‍රේන සෙබළෙකුගේ වෙඩි නොවදින කබායක් ද පිරිනැමූ බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

ශුද්ධෝත්තම පාප් වහන්සේ හමුවීමට පෙර යුක්‍රේන ජනාධිපතිවරයා ඉතාලියේ අගමැතිනී ජෝර්ජියා මෙලෝනී ද හමුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහිදී ඇය යුක්‍රේනයට  පූර්ණ මිලිටරි ආධාර සහ මූල්‍ය ආධාර ලබාදීමට පොරොන්දු වූ බවයි. 

ඉතාලි බලධාරීන්,යුක්‍රේන ජනාධිපතිවරයාගේ ආරක්ෂාව උදෙසා දහසකට අධික පොලිස් භට පිරිසක් යොදවා ඇතැයි ද, විදෙස් වාර්තා වල සඳහන් වේ.