එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ සුදර්ශනි විදානපතිරණ මහත්මිය සඳහන් කළේ, මේ වනවිට දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 2 ක් සහ වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 4 ක් විවෘත කර ඇති බවයි.
මැණික් ගඟ භාවිත කිරීමේදී විමසිලිමත් වන්නැයි ඇය ජනතාවට දැනුම් දෙයි.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පවතින වැසි හමුවේ බදුල්ල, කැගල්ල, මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යාම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කළේ ය.
අද සිට ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභායවයක් නිර්මාණය වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.