හෙට(01) විශේෂ රථවාහන සැලැස්මක්

හෙට(01) විශේෂ රථවාහන සැලැස්මක්

by Staff writer 30-04-2023 | 6:05 PM

COLOMBO (News 1st) –  හෙට(01) දිනයේ යෙදී ඇති කම්කරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන විවිධ දේශපාලන පක්ෂ හා මැයි දින පෙළපාලි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. 

ඒ අනුව හෙට නුගේගොඩ, නුවරඑළිය, මහනුවර, හැටන් යන ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් හා ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනු ඇති. 

මහනුවර නගරයේද පෙළපාලි හා රැස්වීම් පැවැත්වෙන අතර, පොලීසිය දැනුම් දෙන්නේ, නගරය හරහා ගමන් කරන රියැදුරන්ට හා මහජනතාවට ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

කොළඹ නගරයේද පෙළපාලි හා රැස්වීම් පැවැත්වෙන අතර එය පහත පරිදි වේ.