සමෘද්ධි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, සමෘද්ධිලාභීන්ට ලැබිය යුතු රුපියල් ලක්ෂ 816 ක මුදලක් මේ අවුරුදු උත්සවවලට වැය කෙරෙන බවයි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ ස්ථාන රැසක අවුරුදු උත්සව සංවිධානය කර තිබේ.
එහි එක් අවුරුදු උළෙලක් අද පැවැත්වුණේ, පාදුක්ක දාම්පේ ප්‍රදේශයේදීයි.
මෙම අවස්ථාවට සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
රට පුරා රුපියල් ලක්ෂ 816 ක වියදමින් අවුරුදු උත්සව පැවැත්වීම ගැන මෙහිදී අදහස් පළවුණි.