ජානක වක්කුඹුරගෙන් නිවේදනයක්..

පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන් පැය 24 පුරා සක්‍රීය සේවයට..විශේෂ දීමනාවක් ගෙවීමටත් පියවර..

by Staff writer 31-03-2023 | 7:18 AM

COLOMBO (News 1st) – මහ නගර සභා කොමසාරිස්වරුන් හා ප්‍රාදේශීය සභා හා නගර සභා ලේකම්වරුන් පැය 24 පුරා සක්‍රීය සේවයේ යොදවන ලෙස ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබා දුන් බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. 

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ආණ්ඩුකාරවරුන් සමග පළාත් පාලන ආයතන පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව පැවැත්වූ සාකච්ඡාවකදි මෙම උපදෙස් දුන් බවයි.

මීට අමතරව ඔවුන්ට විශේෂ දීමනාවක් ගෙවන ලෙසද උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.