COLOMBO ( News 1st ) – කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ ඇතුළු සිසුන් 6 දෙනා අද(20) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඔවුන් ඊයේ රාත්‍රියේ විරෝධතාවක නිරත වුණේ අත්අඩංගුවට ගත්, ශිෂ්‍ය සංවිධාන කැඳවුම්කරු කැලුම් මුදන්නායක හා ශිෂ්‍ය ක්‍රියාකාරී දිල්ෂාන් හර්ෂණ යන දෙදෙනා වහා නිදහස් කරන්නැයි ඉල්ලමින් ය.
විරෝධතාවයේ නිරත සිසුන් පැවසුවේ, ඔවුන් අත්අඩංගුවට ගෙන දින 50 ක් ගත වුවත්, කිසිදු සාධාරණ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
ඔවුන්, ඊට එරෙහිව විරෝධතාවයේ නිරත වුණේ, කොළඹ - මහනුවර මාර්ගය විශ්වවිද්‍යාල ඉදිරිපිටින් අවහිර කරමින් ය.
පසුව, සිසුන් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.