ඡන්ද කටයුතු: පෙත්සමක් හෙට කැඳවයි..

මැතිවරණ කටයුතු වළක්වන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමක් හෙට කැඳවයි..

by Staff writer 19-02-2023 | 5:57 PM

COLOMBO ( News 1st ) - ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු සංවිධාන කටයුතු වළක්වන රීට් ආඥාවක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ට නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව් එම්.ආර්. විජේසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ රීට් ආඥා පෙත්සම හෙට (19)ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ. 

එම පෙත්සම පසුගිය 10 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 23 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබුණි. 

එහෙත් පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ලබන 23 වැනිදා පැවැත්වීමට දින නියම කර ඇති බැවින් ඊට පෙර සිය පෙත්සම කැඳවන ලෙසට පෙත්සම්කාර කර්නල්වරයා මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය. 

ඒ අනුව හෙට(20) පෙත්සම කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේ ය.