මත්තල ගුවන් තොටුපොළ ගැන අනාවරණයක්

මත්තල ගුවන් තොටුපොළේ මෙහෙයුම් පිරිවැය එහි ආදායමට වඩා 21 ගුණයකින් වැඩියි - ජාතික විගණන කාර්යාලයෙන් අනාවරණයක්

by Staff writer 19-02-2023 | 9:32 AM

COLOMBO (News 1st) - මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ  මෙහෙයුම් පිරිවැය එහි ආදායමට වඩා 21 ගුණයකින් වැඩි බව, ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

ඒ, සීමාසහිත ගුවන් තොටුපොළ  සහ ගුවන් සේවා සමාගමේ, 2021 වාර්ෂික වාර්තාවේ සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමිනි.

එම වාර්තාවට අනූව 2017 වසරේ සිට 2021 වසර දක්වා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 20.59 කි.

එහි දැක්වෙන්නේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාව මිලියනයක් වුවත්, පසුගිය වසර පහ තුළ පැමිණ ඇත්තේ ගුවන් මගීන් 91747 ක් පමණක් බවයි.

එවැනි හේතු මත මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ  ඉදිකිරීම සඳහා භාවිත කළ මුදල ඵලදායි ලෙස භාවිත කර නැතැයි, විගණන කාර්යාලය සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් පවසා සිටී.

මේ අතර රත්මලාන ගුවන් තොටුපොළ ද අඛණ්ඩව පාඩු ලබා ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

එහි දැක්වෙන්නේ 2017 සිට 2021 දක්වා කාලය තුළ රත්මලාන ගුවන් තොටුපොළ රුපියල් මිලියන 1693 කට වැඩි අලාභයක් ලබා ඇති බවයි.